Sustainability සහ බුදු දහම

මම මුලින්ම Sustainability කියන්නෙ මොකද්ද කියල කිව්ව ඔයාලට මතක ඇති.

අද කියන්න හදන්නෙ නම් පොඩි බණ කතාවක්. මේක තියෙන්නෙ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ල වග්ගයේ.



ඔන්න දවසක් උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ව හමු වෙන්නට ගියා. ආචාර සමාචාර පවත්වල එතුමා එකත්පස්ව හිඳගෙන කතාවට වැටුන.
අන්න ඒ දෙබස මෙන්න මෙහෙම එකක්.

රජතුමා අහනව, "හිමියනි, අද දින අපගේ දේවිය මෙහි පැමිණියාද?
ආනන්ද හිමියන් පවසනව "ඔව් රජතුමනි, ඇය පැමිණියා"
"ඇය ඔබ වහන්සේට මොනවාද ලබා දුන්නේ?"
" ඇය අප හට සිවුරු පන්සියයක් ලබා දුන්නා"
"එහෙත් හිමියනි, එතරම් සිවුරු ප්‍රමාණයකින් ඔබ වහන්සේ මොනවාද කරන්නෙ??"
"රජතුමනි, ඒවා අපි පරණ වූ සිවුරු සහිත භික්ෂූන්ට බෙදා දෙනවා"
"හිමියනි, පරණ වූ සිවුරු වලින් ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා පොරෝනා විදිහට භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පොරෝනා වලට ඔබවහන්සේලා කුමක් කරන්නේද?
"රජතුමනි, අප ඒවා කොට්ටා හා මෙට්ටා කවර ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ කොට්ටා හා මෙට්ටා කවර වලට ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා බිම් ඇතුරුම් ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ බිම් ඇතුරුම් වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, අප ඒවා පා පිස්නා ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පා පිස්නා වලට ඔබ කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා දූවිලි පිස්නා ලෙස භාව්තා කරනවා"
"හිමියනි, පරණ වූ දූවිලි පිසනා වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, යළි භාවිතාවට ගත නොහැකි තත්වයට කඩමලු වී ඇති ඒවා අපි කැබලි වලට ඉරා මැටි සමඟ මිශ්‍ර කර පොළව ඇතිරීමට භාවිතා කරනවා"

රජතුමා මෙවිට කල්පනා කරනව "බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන මෙන ශ්‍රමණයන් ඉතාමත් අරපරිස්සමින් හා ඥාණවන්ත ලෙස ක්‍රියා කරනවාද. කිසිම දෙයක් අපතේ යන්නට දෙන්නේ නෑ." කියල.

ඉතින් ඔබ මොකද්ද හිතන්නෙ?
මේ sustainability කියන එක අලුත් දෙයක් නෙමෙයි, බුදු රජාණන් වහන්සේ විසින් වසර 2700ක කාලයකට ඉස්සර උන් වහන්සේගේ ශ්‍රාවකයින්ට උපදෙස් දීල, ක්‍රියාවේ යෙදවූ දෙයක්.

ඉතින් ඇයි අපිට බැරි? 

Previous
Next Post »

1 comments:

Write comments
Pradeep
AUTHOR
September 21, 2015 at 8:55 AM delete

Subapathanwa.Digatama aluth dewal gana liyanna.

Reply
avatar