Sri Lanka NEXT - නීල හරිත යුගයක් කරා 2017 හා ජනාධිපති පරිසර සම්මාන උළෙල

"ජනාධිපති පරිසර සම්මාන උළෙල" අද BMICH හිදී, ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් පසුගියදා (2017.10.16) පැවැත්වුනා. මෙය "Sri Lanka NEXT" වැඩසටහන සමඟ පැවැත්වූවක්.
විවිධ ක්ෂේත්‍ර වල ආයතන රැසක් මෙහිදී, කුසලතා, ලෝකඩ, රිදී හා රන් පදක්කම් ලබා ගත්තා. 
මෙය පරිසර සංරක්ෂණය, තිරසාර සංවර්ධනය, වැනි දේ පිළිබඳව ප්‍රජාව හා ආයතන තුළ පෙළඹවීමක් ඇති කිරීමට ඉතා හොඳ වටපිටාවක් සලසනවා.

ඡායාරූප කිහිපයක්







මෙම උළෙලේදී රසායනික නිෂ්පාදන අංශයෙන් රන් පදක්කම හිමි කරගත් EB Creasy Personal Care Products ආයතනයේ කම්හල් කළමණාකාර සරත් මහතා පැවසුවේ මෙය ඉතා හොඳ නැඹුරුවක් බවයි. ඒ සමභම, Green Building Council of Sri Lanka ආයතනය හරහා ලබා දෙන National Green Rating System හි Platinum Award හිමිකාර සමාගමක් ලෙස, මෙම සම්මානය ලබා ගැනීම ඉතා පහසු වූ වගත් ඔහු සඳහන් කළා, 

මේ උළෙලට සමගාමීව, විවිධ ආයතන මගින් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ප්‍රදර්ශන කුටි ගණනාවකුත් පැවතුනා. ඒවා සම්පූර්ණයෙන්ම, හානිකර පොලිතින් භාවිතය අවම කිරීම සම්බන්ධ දේ වලින් පිරී තිබුණා. ජෛව හායනය වන පොලිතින්, කොලපත්, කෙසෙල් කොළ ආශ්‍රිත නිෂ්පාදන, පන්/වේවැල් වලින් නිෂ්පාදිත බෑග්, බහාලුම් මේවා අතර ප්‍රධාන උනා. 

ඡායාරූප කිහිපයක්








Previous
Next Post »