රජයේ ආයතන "හරිත ගොඩනැඟිලි" ලෙස සැකසෙන්නට ආරම්භ වෙයි

පසුගියදා (09/01/2017) BMICH හිදී පැවති "Launching of Green Building Guidelines and Rating system for Government Buildings" උත්සවයේදී, එම මාර්ගෝපදේශන සංග්‍රහය මෛතීපාල සිරිසේන ජනපති තුමා අතට පත් කෙරුණා. ඊට අමතවර, ඒ සම්බන්ධව විස්තර තිබෙන වෙබ් පිටුවකුත් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. (http://www.uda.gov.lk/.........)
මෙම වැඩසටහන හා මාර්ගෝපදේශන සංග්‍රහය සෑදීමට මහවැලි සංවර්ධන අධිකාරිය, පරිසර අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා හරිත ගොඩනැඟිලි මණ්ඩලය (Sri Lanka Green Building Council) මූලික උනා.

මෙහිදී, ජනපති තුමා, චම්පික රණවක මැතිතුමා, මහාචාර්ය රාහුල අතලගේ මහතා, වටිනා කථනයන් කිහිපයකුත් සිදු කළා. 







මුලදී රජයේ ගොඩනැඟිලි වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙණු ලබන අතර, පසුව මෙම මාර්ගෝපදේශනය පුද්ගලික ගොඩනැඟිලි සඳහාද දිගු කෙරෙනු ඇති. මේ සඳහා මූලිකව රජයේ ආයතන 52ක් තෝරාගෙන ඇති අතර ඔවුන් මුලින්ම මෙම වැඩසටහන තම ආයතන වල ක්‍රියාත්මක කරනු ඇති. 

මීට අමතරව, Green Rating System සම්බන්ධව හා හරිත තාක්ෂණය, පරිසර දූෂණය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි කරුණු සම්බන්ධව, වටිනා දේශන කිහිපයක්ද පැවැත්වුනා. 

මෙම වැඩසටහන සඳහා, රාජ්‍ය, පුද්ගලික අංශ වල, විශ්ව විද්‍යාල වල, වෘත්තිකයින් හා විද්වතුන් රැසක් සහභාගී වුනා.  

දැනට Green Building Council මගින් නිකුත් කෙරෙන Green Labeling System ලබා ගැනීමට ඕනෑම ආයතනයකට හැකියාව පවතිනවා. ඒ ගැන විස්තර ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකියි. 





මීට අමතරව, විවිධ රජයේ හා පුද්ගලික ආයතන "හරිත සංකල්පය" වෙනුවෙන් ක්‍රියාකාරී වන ආකාරයන් පෙනවන ප්‍රදර්ශනයක්ද පැවැත්වුනා.





නීල හරිත යුගයක්" වැඩසටහන සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගැනීම්ට, Sri Lanka Next වෙබ් අඩවියට පිවිසෙන්න. (http://www.srilankanext.lk/)
Previous
Next Post »