පරිසර හිතකාමී (Eco Friendly) වී ජය ගන්න

"මෙම ලිපිය Green Building Council of Sri Lanka" හි බ්ලොග් අඩවියේ Article of the Month ලෙස පළ කරන ලදී."

ඔබ හා ඔබ ආයතනය, "පරිසර හිතකාමී" පුද්ගලයෙකු හා ආයතනයක් බවට පත්වීම, මේ කාලයේ ටිකෙන් ටික වැදගත් කරුණක් වෙමින් පවතින දෙයක්. ඔබ දැකල ඇති "පරිසර හිතකාමී" කියන වචන දෙක විවිධ තැන් වල භාවිතා වනවා. විදුලි උපකරණ, නිවෙස්,ගොඩනැඟිලි, රැකියා අවස්ථා පිළිබඳ දැන්වීම් වල සහ තවත් විවිධ ස්ථාන වල.



මොකද්ද මේ "පරිසර හිතකාමී" වෙනව කියන්නෙ???
 සරළවම මේ ගැන කිව්වොත්. පරිසර හිතකාමී වීම කියන්නෙ, "පරිසරයට හානියක් / අනතුරක් සිදු නොවන චේතනාවෙන් ක්‍රියාත්මක වීම හා ජීවත් වීම" කියන එකයි. වෙනත් වචන වලින් කිවහොත්, අප හා පරිසරය අතර සිදුවන අන්තර් ක්‍රියාවලි හරහා පරිසරයට හානි වන ආකාරයේ ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීමයි.

මේක අදහසක් පමණක් නොවී, ප්‍රායෝගික භාවිතයට සම්බන්ධ වෙන්නෙ, සාමාජීය වශයෙන්, ව්‍යාපාර වශයෙන් හා පුද්ගලයින් වශයෙන්. පරිසර හිතකාමී වෙනවා කියන්නෙ, කාමරයෙන් එලියට යනකොට විදුලි පහන් නිවා යන එකවත්, ඔබ නිවසින් පිට කරන කැලි කසල වෙන් කරන එකවත් පමණක් නෙමෙයි. ඒක ඔබ ජීවත් වන්නේ කෙසේද යන්න අරමුණු කරගෙන සිදු කළ යුතු දෙයක් වෙනවා. 

බලශක්තිය ඉතිරි කරන, වායු/ජල/ශබ්ද දූෂණය වළකන, පරිසර හිතකාමී නිෂ්පාදන මගින් සැමවිටම පරිසර හිතකාමී ලෙස ජීවත් වීමට අනුග්‍රහය දක්වනවා. එම නිෂ්පාදන පරිසරයත්, මිනිසාගේ සෞඛ්‍යයටත් හිතකර ආකාරයට ක්‍රියාත්මක වන බව ඔවුන් සනාථ කරනවා. 

සම්පූර්ණ ලිපිය කියවන්න මෙම සබැඳිය භාවිත කරන්න.

Previous
Next Post »