නිවසේ කසළ අවම කරගනිමු


කසළ, මාසයකට දෙකකට ඉහත ලංකාවම හොල්ලපු මාතෘකාවක්.

ඉතින් ඔබගේම හා සියළු දෙනාගේ යහපත තකා ඔබ නිවසෙන් හෝ සේවා ස්ථානයෙන් එකතු වන කැළි කසළ පොඩි ප්‍රමාණයක් හරි අඩු කරන්නට කිසියම්ම හෝ අලුත් දෙයක්, වෙනසක් සිදු කළාද?

එසේ කළා නම් ඔබත් යහපත් පුරවැසියෙක්.

ඉතින් පරිසරයට මුදා හැරෙන කසළ යම් තරමකින් අවම කරන්නට අපට සිදු කළ හැකි සරළ දේවල් ටිකක් ගැන සාකච්ඡා කරමු. 

ප්‍රතිචක්‍රීකරණයේ හරය තේරුම් ගන්න.
සංකීර්ණ සංකේත, වෙන් කිරීමේ උපක්‍රම ගැන හිතන්නෙ නැතිව සරළව ප්‍රතිචක්‍රීකරණය කියන දේ තේරුම් ගන්න. ඔබ භාවිතා කරන දෙයක් යළිත් එයම හෝ වෙනත් ආකාරයකට භාවිතා කිරීමට උත්සාහ කරන්න. එය කසළ ගොඩකට යන්න තිබෙන කාලය හැකි තරම් දිගු කරන්න.

ප්ලාස්ටික්, පොලිතින් අසුරන භාවිතය අවම කරන්න 
කසළ අවම කිරීමට ඕනෑම් තැනකදී කළ හැකි පහසුම සරළම දෙයක් තමයි ප්ලාස්ටික්/පොලිතින් අසුරන භාවිතය අවම කරන එක. නැවත භාවිතා කළ හැකි අසුරන, බෑග්, රෙදි බෑග් භාවිත කිරීම හරහා ඔබට හැකියාව ලැබෙනවා නොදිරන කසළ ප්‍රමාණය ඉතා ඉහළ ප්‍රමාණයකින් අවම කරන්නට. 

ඇයි ඔබට බැරි වෙළඳසැළට යන විට රෙදි වලින් නිමවූ ලස්සන බෑගයක් රැගෙන යන්නට?

පුළුවන් නේද? 


ආහාර සැලසුම් කර සකසන්න.
ද්‍රව්‍යවම කසළ හැරුණුකොට, ඉවතලන ආහාර පරිසරයට මුදා හැරෙන තවත් විශාල කසළ ප්‍රමාණයක්. සමහරෙක් ආහාර සැකසීම හොඳින් සැලසුම් කරන විට සමහරෙක් ඒ ගැන කිසිසේත්ම හිතන්නේ නෑ. විශාල ආහාර ප්‍රමාණයක් කසළ ගොඩට ගොඩට නිවෙස් වලින් එකතු වනවා. ඔබ පවුලේ අය ආහාරයට ගන්නා පමණට පමණක් ආහාර සකසන්න. වෙළඳ සැළෙන් අනවශ්‍ය තරම් එළවළු හා වෙනත් ආහාර පාන රැගෙන එන්නට එපා. 

අවශ්‍ය, හා පරිභෝජනයට ගත හැකි පමණට ආහාර රැගෙන එන්න.
හොඳට ඉදුනු කෙසෙල් ඇවරියක් නිවෙසට ගෙන ගොස් ඉදී වැඩිවී ඉවතලන්නට ඔබට සිදු වී නැතිද? අනිවාර්යයෙන් ඇති. යළිත් එසේ වන්නට දෙන්නට එපා. 

නැවත භාවිත කළ හැකි බඳුන් භාවිත කරන්න.
ඔබ නිවසර රැගෙන එනා ආහාර හෝ වෙනත් දේ අසුරා තබන්නට පොලිතින් බෑග්, ඉවත ලන බඳුන් භාවිතා කරනවාට වඩා, වැඩි කල් පැවැත්මක් ඇති බඳුන්, ටින්, වීදුරු බෝතල් භාවිතා කළ හැකි නම්, ඔබ පරිසරයට මුදා හරින කසළ අඩු වනවා නේද? 

කොම්පෝස්ට් සැකසීම අදම අරඹන්න.
ඔබ දිනපතා කසළ ලෙස ඉවතලන දේවල් වලින් සැළකිය යුතු ප්‍රමාණයක් කොම්පෝස්ට් පොහොර බවට පත් කරගන්නට පුළුවන්. වත්තේ පොඩි ඉඩක් හා කසළ එකතු කරන්නට බැරලයක් වැනි බඳුනක් තිබේ නම් ඔබටත් ඔබගේම කොම්පෝස්ට් නිෂ්පාදනයක් සිදුකරගෙන ඔබගේ ගෙවත්තේ භාවිතා කළ හැකියි. ඔබ ඉවත ලන ආහාර කොටස්, ගෙවත්ත අතුගා ගිනි තබන්නට සැරසෙන කොළ, අතු, ඔබට වටිනා පොහොරක් බවට පත් කළ හැකියි. 

ඉවත දැමීම නවතා අලුත්වැඩියාව උගනින්න. 
නිවසේ, ආයතනයේ භාවිතා වන යම් දෙයක් කැඩුනු බිඳුනු විට එය ඉවත විසි කර දමා අලුතින්ම එවන් දෙයක් මිලට ගැනීම ඔබ සිදු කරනවාද? එය අලුත්වැඩියා කර තවත් ටික කාලයක් භාවිතා කරන්නට හැකියාවක් නැතිද?
බොහොමයක් අවස්ථා වල අපි එසේ ඉවත දමන්නේ, අලුත්වැඩියා කර භාවිතා කළ හැකි දෙයක් නේද?
එය පුටුවක්, මේසයක්, සපත්තු කුට්ටමක්, බෑගයක්, ඔරලෝසුවක් හෝ ඇඳුමක් වන්නට පුළුවන්. 



අඩු මිලක් ගෙවා, අලුත්වැඩියා කළ නොහැකි දෙයක් මිලට ගෙන භාවිතා කරනවාට වඩා වැඩි මිලක් ගෙවා, වැඩි කාලයක් අලුත්වැඩියා කරමින් භාවිතා කළ හැකි උපකරණයක් මිලට ගන්න එක වඩා පරිසර හිතකාමී නේද?

ප්ලාස්ටික් ජල බෝතල් වලින් වළකින්න. 
ඔව්, එය ලේසියි පහසුයි. කඩේකින් වතුර බෝතලයක් මිලට ගෙන ජලය පානයෙන් පසුව හිස් බෝතලය ඉවත ලෑම.

නමුත් ඔබ හිතල තියෙනවද එවන් ප්ලාස්ටික් බෝතල් කෙතරම් ප්‍රමාණයක් කසළ ගොඩට යනවාද කියා?? එය ඉතා විශාල ප්‍රමාණයක්.
ඇයි ඔබට බැරි නිවසෙන් පිටත් වන විට නැවත භාවිතයට ගත හැකි වීදුරු හෝ ඇලුමිනියම් බෝතලයකට වතුර ටිකක් පුරවාගෙන පිටත් වන්නට? 

භාවිතයෙන් පසු ඉවත ලන උපකරණ වෙනුවට නැවත් භාවිත කළ හැකි උපකරණ මිලට ගන්න.
එක් වරක් භාවිතයෙන් පසු ඉවත ලන උපකරණ හරිම ලාබයි. නමුත් ඉන් එකතු වන කසළ ප්‍රමාණය ඉහළයි.

ඉවතලන කෝප්ප, පිඟන් වෙනුවට සෝදා නැවත භාවිතයට ගත හැකි පිභන් කෝප්ප භාවිතා කරන්න. තල මාරු කළ හැකි රේසර් භාවිතා කරන්න. තුනී ශොපිං බෑග් වෙනුවට ඝනැති බෑග් නැවත නැවත භාවිතා කරන්න. වියළි බැටරි වෙනුවට නැවත ආරෝපණය කළ හැකි බැටරි භාවිතා කරන්න. 

මෙහි සාකච්ඡා උනේ ඉතාම පොඩ්ඩයි. නමුත් ඔබට කළ හැකි දේ බොහොමයි.


සිතා බලන්න. සිතා අමතක කර නොදමා ක්‍රියාත්මක වන්න. 

Previous
Next Post »

2 comments

Write comments
Unknown
AUTHOR
May 16, 2018 at 12:29 AM delete

Superb Madhawa... I am doing all these things except compost bin. thanks for your thoughts
Kelum Konara...

Reply
avatar
May 16, 2018 at 2:09 AM delete

Great, Happy to hear.
Keep it up. Good luck.

Reply
avatar